කොහොමද අපි Fibonacci Levels trade එකකට enter වෙන්න use කරන්නේ? – ෆිබොනාචි | part 02

අපි දැන් දන්නවනේ Fibonacci කියන දේ මොකක්ද කියල. හැඳින්වීම කියවන්න බැරි උනා නම් ඉස්සල එක කියවල ඉන්න.දැන් අපි බලමු කොහොමද මේ Fibonacci Levels අපේ trading වලට use කරන්නේ කියල.

මුලිකව අපිට දකින්න පුළුවන්  Fibonacci retrace-meant  Levels ටික තමයි 0.236 , 0.382 , 0.500 , 0.618  , 0.764 ,  1. 00 මේක අපි up trend එකකට ඇන්දත් down trend එකකට ඇන්දත් දකින්න පුළුවන් අපි බලමු දැන් කොහොමද මේවා use කරන්නේ කියල.

අපිට මේ levels ටික බලා ගන්න meta trader එකේ තියන ටූල් එක use කරන්න පුළුවන් ඔයාලට තියෙන්නේ e ටූල් එක click කරලා ටූල් එක active කර ගන්න.

Insert ====>> Fibonacci ====>> retracement

ඔයාලට මේ ටූල් එක use කරන්න ඕන දැනගන්න ඕන කරනවා ළඟදීම ඇති උන swing high එක හා swing low එක්ක. ඒ වගේම ගොඩක් දුරට සාර්ථකත්වය වැඩි වෙන්නේ හොඳ down trend එකකක්දී හෝ up trend එකකදී use කරන එක.market එක range වෙනවා නම් e කිවේ trend එකක් නැත්නම් මේක use කරලා අපිට අවශ්‍ය කරන ප්‍රතිපලය වන profit ලබා ගන්න අපහසු වේවි.

up trend

අපි බලමු දැන් up trend එකකට කොහොමද අඳින්නේ කියල.ඔයාල ටූල් එක active කරගෙන swing high එකී swing low එකයි අඳුන ගන්න ඕන ඊළඟට swing high එකේ ඉඳන් swing low එකට අඳින්න පුළුවන් මේ පහල රූපේ පෙන්නන විදියට.

මේකෙදි බලන්න ගොඩක් දුරට මේ candle හා candle වල කෙරවලවල් ඇවිත් තියනවා මේ levels ලඟට මොකද මේ levels ලෝකේ ගොඩක් trades la use කරනවා එක හන්දා මේ levels ගොඩක් දුරට support resistant විදියට use වෙනවා.

මේකෙදි මුලිකව levels 3ක් සලකන්න පුළුවන්.

  1. 38.2 %
  2. 50%
  3. 61.8% මේ levels හොඳ retracement levels විදියට සලකන්න පුළුවන්.ඔයාලට දකින්න පුළුවන් ඉහල තියන රුපේදී  50 කියන line එක හොඳ support ලෙවල් එකක් හැටියට වැඩ කරනවා.

ගොඩක් දුරට jpy pairs ගත්තොත් හොඳ trend එකක් තියන pairs හැටියට තමයි සලකන්නේ e හන්දා USD/ JPY , euro / jpy , GBP / JPY එක්ක හොඳ profit එකකට යන්න Fibonacci ටූල් එක ඔයාලට use කරන්න පුළුවන්.

 

Fibonacci Levels trade එකකට enter වෙන්න use කරන්නේ කියන එක පහලින් බලන්න.

මේකට තවත් දීර්ග විස්තරයක් තියන english වීඩියෝ දෙකකුත් ඇතුල් කරන්නම් බලන්න e දෙකත්.


 

මේක ගත්තත් support and resistant lines වගේම තමයි මේ Fibonacci lines අනන්තවත් brake වෙනවා මොකද brake නොවී අනිවරයන්ම මෙතනින් හැරෙන්න ඕන කියල නීතියක් නෑ නේ එක හන්දා පරිස්සමින් use කරන්න.

වැඩි සාර්ථකත්වයකින් Fibonacci use කරමු.

අපි හිතමු අපි Fibonacci retracement line එකකදී trend එකට අනුව buy හෝ sell කරනවා කියල අපිට එකේදී trade එක වින් හෝ loss වෙන්න පුළුවන් අපිට මේකෙදි win percentage එක වැඩි කර ගන්න පුළුවන් ක්‍රම දෙකක් තමයි කියන්න යන්නේ.

  • support resistant හා Fibonacci  එක්ව භාවිතය.

e කියන්නේ අපි up trend එකකදී Fibonacci ඇන්දාම මේකේ 50 % line එක හොඳ support line එකකට අවා කියල හිතන්නකෝ e කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් ගොඩක් දුරට buy trend එක ඉදිරියට යාවි මෙතනින් හැරිලා කියල. මොකද සාදක දෙකක් මේකෙදි එකට ඇවිල්ලා තියන හන්දා.

  • trend line හා Fibonacci එකට භාවිතය.

අපි ඉහලදී බැලුව support හා resistant වගේම අපි අඳින Fibonacci level එකක් trend line එක උඩට ඇවිත් තියනවා කියන්නෙත් සාදක දෙකක් එකට සිද්ද වෙලා e කියන්නෙත් අපිට අපි ගන්න trade එක වැඩි percentage එකකින් වින් කරන්න හැකියාවක් තියෙනවා.

  • තවත් අපිට Japaneses candlestick strong reversal pattern එක්ක එකට Fibonacci use කරන එකෙනුත් හොඳ සාර්ථකත්වයක් ගන්න පුළුවන්.

ඔයාලට අඳින්න අමාරු නම් auto ඇඳෙන indicator එකක් use කරන්නත් පුළුවන් මෙතනින් ගිහින් Download කර ගන්න e indicator එක කැමති අය.

ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය – ෆිබොනාචි | හැඳින්වීම

කොහොමද අපි Fibonacci Levels trade එකකට enter වෙන්න use කරන්නේ?

 

එහෙනම් හැමෝටම ජය වේවා.අඩුපාඩු වැරදි comment එකක් දාගෙන් යන්න.

 මුලික දැනීම)

  1. මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03
  4. Forex Trading සදහා මුලික දැනුම් | part 04.
  5. නිවැරදිව Buy Sell orders යෙදීම | part 05
  6. මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 05

දෙවන කොටස (Advance Steps | Traders Guide)

  1. How to create Forex Demo / real account | 01
  2. Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02
  3. Support and Resistant and Trend Lines | 03
  4. Reversal patterns trading sinhalen | 04

තෙවන  කොටස (Special Learning Topics)

Gift For trading .(Free Forex Strategies & EA)

Weekly Overview & Free Signals

එහෙනම් හැමෝටම ජය වේවා.. අපේ Facebook page එකටත් like එකක් දාලා ප්‍රශ්නයක් තියේ නම් මේ group එකට join වෙලා අහන්න.

Post Author: sinhalaforex

1 thought on “කොහොමද අපි Fibonacci Levels trade එකකට enter වෙන්න use කරන්නේ? – ෆිබොනාචි | part 02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *