මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01

Forex කියල කෙටියෙන් හැඳින්වුවට,   ඇත්තටම මේ තමයි “Foreign Exchange Market ” එක.
දැන් තේරෙන්න ඇතිනෙ, ඔය  “Foreign Exchange” කියන වචන දෙකේ මුල් අකුරු යොදාගෙන තමයි “Forex” හැදිල තියෙන්නෙ.

ඉතින්  අපි දන්න Market එකෙදි (එහෙමත් නැත්තම් පොළේදි ) මිනිස්සු හම්බකරන්නෙ,
බඩු මිලදී අරන් → ලාභ තියන් → විකුණල නෙ…

Foreign Exchange Market එකේදි වෙන්නේ සල්ලි එහෙමත් නැත්තම් විදේශ විනිමය (Foreign Exchange) මිල දි ගැනීම්, විකිණීම් කරල ලාහ ලබන එක… දැනට ඒ සරල අවබෝධය ප්‍රමාණවත්. ඉදිරි ලිපි වලින් මේ ක්‍රියාවලිය ඔයාට හොඳටම පැහැදිලි වෙයි.

 

[Source: www.elitecurrensea.com]

Forex Trading (විදේශ විනිමය වෙළෙඳාමෙන්) මේ කියන විදියට ඇත්තටම මුදල් උපයන්න පුලුවන්ද ?

අනිවාර්යෙන්ම ඔව් !!!!!

Forex Trading කියන්නෙ ඉතා ඉහළ ආදායම් ලබන්න පුලුවන් මාර්ගයක්…
ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් මුදල් උපයන, බැංකුවල පවා ප්‍රධාන ආදායම් මාර්ගයක්.
එක් දිනකට පමණක් US $ ට්‍රිලියන 4කට ආසන්න මූල්‍ය වත්කම් හුවමාරු වෙන ලොව විශාලතම මූල්‍ය වෙළෙඳපොළ තමයි මේ.

Forex Trade කරල මාසෙකට කොච්චරක් විතර ආදායමක් ගන්න පුලුවන්ද ?

විශේෂම කරුණ තමයි, මාසෙකට ඔයාට උපයන්න පුලුවන් මෙන්න මෙච්චරයි කියල ඔයාගේ ආදායමේ කිසිම සීමාවක් නැහැ.
ඔබ අසීමිතයි … වෙනත් වචන වලින් කියනවනම් පොඩි කාලෙ ඉඳල ඔයා දැකපු හීන සියල්ල හැබෑ කරගන්න එක් මාර්ගයක් මේ. හැබැයි එක රැයකින් නම් නෙවෙයි  !!!


Forex Trading ආදායම් මාර්ගයක් විදියට ෆොරෙක්ස් තෝරගැනීමේ වාසි මොනවද ??

මේ වැඩේ හරියට අල්ලගත්තොත් ඔයාට වෙන කිසිම දෙයක් ඕන නෑ. මේක ඔයාගෙ ප්‍රධාන ආදායම කරගන්න පුලුවන්. ඔයාගේ අදායම අසීමිත වීම තමයි ලොකුම වාසිය.

අනිත් දේ Forex වලදි ඔයාගෙ client කෙනෙක්ට සේවා සැපයීමක් නෙවෙයි කරන්නෙ. ඒ නිසා උපරිම නිදහස ඔයාට ලැබෙනව. සතියෙ දවස් පහේ, පැය 24 තුළ ඔයාට ඔයාට කැමති වෙලාවකට, ඔයා කැමති තීරණය ගන්න නිදහස ඔයාට ලැබෙනව.

වැදගත්ම දේ…

ඉහළ අවධානමක් තමයි ඔබට ඉහළ ආදායම් ගෙන දෙන්නෙ. ඒක මේ Forex Trading වලට විතරක් නෙවෙයි, සියලුම ආයෝජනයන්ට අදාළවන විශ්ව සත්‍යයක්.  එහෙම කිව්ව කියල බය වෙන්න ඕන නෑ. අපේ ලිපි මාලාවත් එක්ක දිගටම රැඳිල ඉන්න. ඒ අවදානම කළමනාකරණය කරගෙන Forex වලින් සාර්ථක කෙනෙක් වෙන හැටි මේ  ලිපි පෙළෙන් දැනගන්න පුලුවන්.

පළමු කොටස ( මුලික දැනීම)

  1. මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03
  4. Forex Trading සදහා මුලික දැනුම් | part 04.
  5. නිවැරදිව Buy Sell orders යෙදීම | part 05
  6. මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 05

දෙවන කොටස (Advance Steps | Traders Guide)

  1. How to create Forex Demo / real account | 01
  2. Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02
  3. Support and Resistant and Trend Lines | 03
  4. Reversal patterns trading sinhalen | 04

තෙවන  කොටස (Special Learning Topics)

Gift For trading .(Free Forex Strategies & EA)

Weekly Overview & Free Signals

Post Author: sinhalaforex

3 thoughts on “මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.