swap/rollover ගැන වැඩි යමක්…

swap එක? rollover කියලත් මේකට කියනවා. සමහරුන්ට නම් මේක එච්චර වැදගත් නැතුව ඇති. සමහරු නම් අහලවත් නැතුව ඇති. ඒත් මේ දේ ඔයාල හිතාගෙන ඉන්නවට වඩා ගොඩක් වැදගත් . ඒක නිසා ඔයාල ඉස්සරහට long term trades දාන්න හිතන් ඉන්නවනම් මේක අනිවාර්යෙන් කියවන්න. එහෙමත් නැත්නම් no-swap/swap-free account එකක් හදන්න පුලුවන් බ්‍රෝකර් කෙනෙක් හොයාගන්න. ස්ලාම් ආගමේ ෂාරියා නීතියට අනුව පොළී (ඒ කියන්නෙ අතිරේක පාරිතෝෂික – extra rewards) ගැනීම සපුරා තහනම්. ගත්තොත් අතක් පයක් නැතුව තමයි ඉන්න වෙන්නෙ. ඒක නිසා මේ forex trading වලට යොමු වෙච්චි ස්ලාම් ආගම අදහන බහුතරයක් ආකර්ශණය කරගන්න තමයි බ්‍රෝකර්ලා මේ වගේ swap-free accounts දෙන්න පෙලඹිලා තියෙන්නෙ. ඒක එහෙම උනත් swap-free එකවුන්ට් එකක් ගන්න බ්‍රෝකර් කෙනෙක් ආගමක් ගැන අහන්නෙ නැති නිසා අපි හැමෝටම අවස්ථාව තියනව මේ කරදරෙන් නිදහස් වෙලා swap-free account එකක් open කරගන්නට. මේ තියෙන්නෙ ඒ වගේ islamic accounts

http://www.icmarkets.com/forex-trading/trading-account-types/islamic-accounts/

මේ currency market එකේදී අපි වගේ retail traders ලා ට හැමදාම ගෙවන්න වෙන දේවල් කිහිපයක් තියනවා. අපි trade එකක් open කරනකොට බ්‍රෝකර්ට spread එක ගෙවන්න ඕනෙ. ඊට පස්සෙ trade එක open වෙලා තියන හැම දවසටම swap එකක් ගෙවන්න ඕනෙ. (හැබැයි සමහර වෙලාවට විතරක් දෙයියනේ කියල ඒ පොළිය අපිට එකතු වෙනවා) ඉතින් මේ විදියට දාපු trade එකකට දවස ගානෙ swap එකක් අයකරගෙන බ්‍රෝකර්ලා පොහොසත් වෙනකොට intermediate/long term trade දාන අය ලොකු අමාරුවක වැටෙනවා. මම දාල තියන පින්තූරෙ බලන්න swap එකට කොච්චර හරියක් කරන්න පුලුවන්ද කියල. ඒක බලල අදහසක් අරගෙන ඇවිල්ල ඉතිරි ටික කියවගෙන යන්න.

ඇත්තටම swap එකක් හැදෙන්නෙ අපි open කරල තියන trade එකක් 17.00PM පහුකරනකල් (මේකට කියන්නෙ rollover time කියල. මේ වෙලාව බ්‍රෝකර්ගෙන් බ්‍රෝකර්ට වෙනස් වෙන්න පුලුවන්) තියාගෙන හිටියම අපේ borker ඒකට පොළී අගයක් එකතු කරන නිසා. අපිට මේ දේ අපේ account history එකේ පේන්නෙ නැති උනාට ඇත්තටම ඒ වෙලාවෙ සිද්ධ වෙන්නෙ අපේ trade එක close වෙලා ආයෙමත් open වෙන එක. ඒකට හේතුව තමයි එක එක රටවලට භාවිත කරන මුදල් ඒකක වලට වෙනස් පොළී අගයන් පවතින එක. එතකොට ඒ දවසට අදාල පොළී අනුපාත වලට පොළිය හදලා ඒක අපේ trade එකට එකතු කරලා trade එක ඊලඟ දවස වෙනකල් අරන් යනවා. ඊලඟ දවසේ ආයෙමත් ඒ විදියට පොළිය හදනවා. ඉතින් අපි trade කරන්නෙ currency pair එකක් නිසා ඒ currency දෙකේම පොළිය එකට එකතු වෙලා එන අගය තමයි swap කියල අපෙන් අය වෙන්නෙ හෝ අපිට එකතු වෙන්නෙ. මේ වෙනස ධන අගයක් හෝ සෘණ අගයක් වෙන්න පුලුවන්. තව දුරටත් පැහැදිලි කරනවනම් මේ පොළී අගය සෘණ නම් අපේ trade එකේ වටිනාකමෙන් ඒක අය කරගන්නවා, ඒක ධන අගයක් නම් අපේ trade එකට ඒ පොළිය pip අගයක් විදියට එකතු වෙනවා. අපි දාන trade එකකට පොලියකුත් ගන්න පුලුවන්නම් මරු නේද 😉

සාමාන්‍යයෙන් buy හෝ sell කරනකොට, පොළී එකතු වෙන විදියේ/අපෙන් පොළීය කපාගන්න currency pairs වෙන් කරල හඳුනගන්න අත්දැකීම් තියන traders ලාට පුලුවන්. currency වර්ග අතුරින් අපිට පොළී උපයාගන්න පුලුවන් currency වර්ග සාමාන්‍යයෙන්-

• AUD/USD (BUY කරනවිට)
• USD/JPY, EUR/JPY, GBP/JPY සහ වෙනත්/JPY pairs (BUY කරනවිට)
• USD/CHF, GBP/CHF සහ වෙනත්/CHF pairs (BUY කරනවිට)

මේ Currency pairs සහ අගයන් ඔයාලගේ බ්‍රෝකර්ගෙන් අහල දැනගන්න පුලුවන්. නැත්නම් බ්‍රෝකර්ගෙ වෙබ් සයිට් එකේ මේ විස්තර දාල තියනවා. මේ තියෙන්නෙ එහෙම උදාහරණයක්

http://www.icmarkets.com/forex-trading/trading-conditions/swap-rates/

ඔයාලට කරන්න තියෙන්නෙ පොළී අගය අඩු currency එකක්, පොළී අගය වැඩි currency එකකට විරුද්ධව buy කරන එක. සාමාන්‍යයෙන් ඉහලම පොළී අගයක් සහිත මුදල් ඒකක තමයි USD, GBP, AUD සහ NZD. අඩු පොළී අගයක් සහිත මුදල් වර්ග තමයි CHF සහ JPY. ඒ මුදල් වර්ග පාලනය කරන රටට පුලුවන් ඒවායේ පොළී අගය අඩු වැඩි කරන්න. ඒක නිසා හැම තිස්සෙම ඉහත සඳහන් කරපු ලැයිස්තුව නිවැරදි වෙන්නෙ නෑ. ඒක නිසා සැරින් සැරේ ගිහින් swap rates බලනඑක හොඳයි. ඒත් මෑත කාලයේදී නම් මම දන්න විදියට මේ මූලික ලැයිස්තුව වෙනස් වෙලා නෑ.

swap එක ගැන කතාකරනකොට දනගන්නම ඕනෙ දෙයක් තමයි අපි මේ පොළී එකතු වෙනවට තියන බය, අපිට විරුද්ධවම වැඩ කරන්න ඉඩ තියන බව. වැඩි අත්දැකීම් නැති traders ලා rollover time එක පහු කරල trade එක තියාගන්න බයයි. මොකද ඒකට පොළී එකතු වෙනව කියල බය වෙලා ඉන්නෙ. එක trade එකක් දවස් 3,4ක් දාලා තිබුනොත් එන්න එන්නම වියදම වැඩි වෙනවා. පොළී එකතු වෙන නිසා. සති අන්තෙක වගේ trade එකක් hold උනොත් දවස් තුනකට විතර පොළිය ගෙවන්න වෙන අවස්ථාවල් තියනවා. ඉතින් ඒ මනුස්සයා කරන්නෙ පොළිය එකතු වෙන එක වලක්වගන්න short term trades දාන්න පටන් ගන්නවා. පොඩි time frames වලට හුරු වෙනවා. ඒ නිසා හැම trader කෙනෙක්ම තමන් trade කරන currency pairs වල ධන පොළී අගයන් සහිත pairs හඳුනාගෙන ඉන්න එක ගොඩක් වැදගත්. අපි බලමු කොහොමද ඒක හොයාගන්නෙ කියල.

quote currency (ඒ කියන්නෙ GBPJPY වල නම් JPY) එකට වඩා වැඩි පොළී අගයක් සහිත base currency එකක් ( ඒ කියන්නෙ GBPJPY වල නම් GBP) buy කරනවනම් ඔයාලට ධන අගයක් සහිත පොළී අගයක් ලැබෙනව. ඒ කියන්නෙ පොළිය ඔයාලගේ account එකට එකතු වෙනවා. අනිත් අතට base currency එකට වඩා වැඩි පොළී අගයක් තියන quote currecy එකක් තියන pair එකක් buy කලොත් ඔයාලගෙන් පොළිය කපා ගන්නවා. උදාහරණයක් විදියට japan interbank interest rate එකට වඩා UK interbank interest rate එක වැඩි වෙලාවක ඔයාල GBPJPY buy කරනවනම් දවස අවසානයේදී rollover එක ගණනය කරන වෙලාවට ඔයාලට පොළීය හම්බවෙනවා. UK interbank interest rate එකට වඩා japan interbank interest rate එක වැඩි වෙලාවක ඔයාල GBPJPY buy කලා නම් දවස අවසානයේදී ඔයාලට පොළිය ගෙවන්න වෙනවා. sell කරනකොට වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. තේරුනද මන්ද :3

මෙතනින් ගිහින් එක එක රටවල අදාල මුදල් ඒකක වල interbank පොළී අනුපාත බලාගන්න පුලුවන්.

http://www.worldinterestrates.info/

අපි ආයෙත් උදාහරණයක් බලමු.

හිතන්න දැන් EUR වල පොළී අනුපාතය 3.25% යි. USD වල පොළී අනුපාතය 1% යි. මේ විදියට තියනකොට ඔයාල EURUSD currency pair එක buy කලොත් එන්නෙ ධන swap අගයක්). ඒ කියන්නෙ ඔයාලට පොළිය හම්බවෙනවා. ඔයාලා EURUSD sell කලොත් සෘණ swap අගයක් එන නිසා ඔයාලට පොළිය ගෙවන්න වෙනවා .

Meke euro usd swap eka dana 3.97…..

තව උදාහරණයක් විදියට EURUSD buy trade එකක් දාල තියනකොට rollover time එකේදි swap එක ගණනය කරන හැටි බලමු.
EUR interbank interest = 3.25%
USD interbank interest = 1.0%

EUR buy කරනකොට ඔයාට 3.25% පොළියක් හම්බ වෙනවා.
USD sell කරනකොට ඔයාට 1.0% පොළියක් ගෙවන්න වෙනවා.
එතකොට මුලු එකතුව 3.25% – 1.0% = 2.25%
ඒ කියන්නෙ ධන අගයක්. ධන අගයක් කියන්නෙ පොළිය ඔයාලට හම්බවෙනවා කියන එක. සරළයි. නෙහ්?

Special thanks.. Gyi of gibsan…

Post Author: sinhalaforex

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.